උප්පැන්න සහතික සංශෝධනය
27 වගන්තිය යටතේ නම සංශෝ්ධනය කිරීම.
වයස අවුරුදු 07 ට අඩු
1. 27 වගන්තිය යටතේ ප්‍රකාශ පත්‍රය. (මේ සඳහා ඉල්ලුම් කළ හැක්කේ අදාල ළමයාගේ මව / පියා හෝ භාරකරු විසිනි. මව / පියා හෝ භාරකරු විසින් ප්‍රකාශ පත්‍රය අත්සන් කළ යුතුය.සාම විනිසුරු මගින් සහතික කර තිබිය යුතුය.)
2. ඉල්ලීම් ලිපිය
3. අදාළ අයගේ උප්පැන්න සහතිකයේ සහතික කළ පිටපත (ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් ලබා ගත්)
4. දිව්රුම් ප්‍රකාශයක් (රු.50/- මුද්දරයක් මත ප්‍රකාශක අත්සන් කල යුතුය)
5. දෙමාපිය විවාහ සහතිකයේ ඡායා පිටපතක්.
6. මව / පියා හෝ ප්‍රකාශය දෙන තැනැත්තාගේ ජාතික හැදුනුම්පතේ ඡායා පිටපතක් ඉදිරිපත් කළ යුතුය.ෙ
වයස අවුරුදු 21 ට වැඩි
1. 27 වගන්තිය යටතේ ප්‍රකාශ පත්‍රය (සාම විනිසුරු මගින් සහතික කර තිබිය යුතුය)
2. ඉල්ලීම් ලිපිය
3. අදාළ අයගේ උප්පැන්න සහතිකයේ සහතික කළ පිටපත (ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් ලබා ගත්)
4. දිව්රුම් ප්‍රකාශයක් (රු.50/- මුද්දරයක් මත ප්‍රකාශක අත්සන් කල යුතුය)
5. ග්‍රාම නිළධාරි නිර්දේශ ලිපිය (පදිංචි කොට්ඨාසයේ ග්‍රාම නිළධාරි විසින් ලබා ගත යුතුය.
6. නම භාවිත කළ බවට පහත සඳහන් ලිඛිත සාක්ෂි 03 ක් හෝ ඉදිරිපත් කරන්න.
- පුවත්පත් දැන්වීම් (වසරක් පැරණි විය යුතුය.) අනිවාර්යයි
- බැංකු ගිණුම් පොත් පිටපතක් (සංශෝධනය විය යුතු නම සඳහන් වී තිබිය යුතුය)
- දරුවන්ගේ උප්පැන්න සහතිකය (සංශෝධනය විය යුතු නම සඳහන් වී තිබිය යුතුය)
- සිය විවාහ සහතිකය.(සංශෝධනය විය යුතු නම සඳහන් වී තිබිය යුතුය)
- අධ්‍යාපන සහතික .(සංශෝධනය විය යුතු නම සඳහන් වී තිබිය යුතුය)
- ක්‍රීඩා සහතික .(සංශෝධනය විය යුතු නම සඳහන් වී තිබිය යුතුය)
- ඡන්ද නාම ලේඛනය(සංශෝධනය විය යුතු නම සඳහන් වී තිබිය යුතුය)
- ඔප්පු පිටපත් (සංශෝධනය විය යුතු නම සඳහන් වී තිබිය යුතුය)
- පත්වීම් ලිපි(සංශෝධනය විය යුතු නම සඳහන් වී තිබිය යුතුය)
- ශිෂ්‍ය කාර්ය දර්ශනය(සංශෝධනය විය යුතු නම සඳහන් වී තිබිය යුතුය)
සැලකිය යුතුයි.
1. අංක 06 හි සඳහන් ලිඛිත සාක්ෂි ඉදිරිපත් කිරීමේ දී වසරක කාලයක් පැරණි යිව යුතුය.
27/අ , 52/1 වගන්තිය යටතේ නම සංශෝ්ධනය කිරීම.
01. සංශෝධනයට අදාළ ඉල්ලීම් ලිපිය.
02.විෂයගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත.
03.මව පියාගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත.
04.මව පියාගේ විවාහ සහතිකයේ මුල් පිටපත.
05.මව පියාගේ හැදුනුම්පත් වල ඡායා පිටපත් .(හැදුනුම්පත් සමඟ ඉදිරිපත් කරන්න)
06.ග්‍රාම නිළධාරි පදිංචි සහතිකය (ප්‍රාදේශිය ලේකම් සහතික කල යුතුය)
07.දිවුරුම් ප්‍රකාශය (සමාදාන විනිශ්චයකාර සහතික කරන ලද)
08.රෝහල් උපත් වාර්තාව (උපන් දිනය හා ස්ථානය සංශෝධනය වන්නේ නම් පමණි)
සැලකිය යුතුයි.
විවාහ සහතිකය හා උප්පැන්න සහතික වල නම් අතර වෙනසක් වේ නම් ඒ සඳහා වෙන වෙනම දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු වේ.(පසු පස සඳහන් ආකෘතියට අනුකූලව)
*විවාහකභාවය ඇතුළත් කිරීම සඳහා වන සංශෝධනයකදි ගොනුව භාර දෙන දිනයේදී වාචික සාක්ෂි ලබා දීම සඳහා මව සහ පියා දෙදෙනාම පැමිණිය යුතු වේ.
01.ඉල්ලුම්පත් ලබා ගත හැකි ස්ථාන :- ප්‍රාදේශිය ලේකම් කාර්යාල වලදි
02.ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :- ගාස්තු ගෙවිය යුතු නැත
03.ඉදිරිපත් කළ යුතු වේලාවන් :- සතියේ වැඩ කරන දින 05 කදී පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා
04.සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :- රු.50/= ප්‍රකාශ පත්‍රය සඳහා රජයේ ගාස්තු
සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්රමුඛ සේවා)
ලිපි ගොනුව සකස් කර සම්පූර්ණ කර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට යැවිය යුතුය.අනුමත කර ආපසු පැමිණි පසු සංශෝධනය කළ යුතුය.
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
- සංශෝධනය කිරීමට අවශ්‍ය උප්පැන්න සහතිකය (අ.දි.රෙ. විසින් සහතික කළ පිටපතක්)
- දෙමව්පියන්ගේ විවාහ සහතිකය (අ.දි.රෙ. විසින් සහතික කළ පිටපතක්)
- දෙමව්පියන්ගේ ජාතික හැදුනුම්පත් ඡායා පිටපත්
- ග්‍රාම නිලධාරින්ගේ පදිංචිය සනාථ කිරීමේ ලිපිය (ප්‍රා.ලේ.අනු අත්සන් කරන ලද )
- දිවුරුම් සහතික දෙමව්පියන්ගේ නම් වල වෙනස්කම් පවතීනම්
- වෙනත් අවශ්‍ය ලිපි ලේඛන
මරණ සහතික සංශෝධන
36 වන වගන්තිය යටතේ කල්ගත වු මරණ ,ලියාපදිංචි කිරීම සඳහා
- 36 වන වගන්තිය යටතේ කල්ගත වු මරණ ලියාපදිංචි කිරීම සඳහා (මාස 3 න් පසුව)
හිස් වාර්තාව
ඉල්ලීමි ලිපියක්
රෝහල් මරණ ප්‍රකාශය හෝ ග්‍රාම නිළධාරි මරණ ප්‍රකාශය
රෝහල් මරණ වාර්තාව
- මරණය ලියාපදිංචි කර නැති බවට ලබාගත් දිව්රුම් ප්‍රකාශයක්
- අදාළ මරණය සම්බන්ධව ග්‍රාම නිළධාරි වාර්තාව
- මරණාධාර සමිතියෙන් ආධාර ලබාගත් බව සනාථ වන ලිපිය
- පාංශුකූලය සඳහා පැමිණි භික්ෂුන් වහන්සේ නමකගෙන් හෝ පූජකවරයෙකුගෙන් ලබාගත් ලිපියක්
- ශෝක ප්‍රකාශය
- මල් ශාලාවෙන් ලබාගත් බිල්පත
- ලිපිනය ලියු මුද්දර කවරයක්
- ඉල්ලුම්කරුගේ ජාතික හැදුනුම්පතේ පිටපතක්
- ඉල්ලුම්කරුගේ ප්‍රකාශයේ
- 2016 අගෝස්තු මාසයෙන් පසුව මරණ සඳහා CR 2 අවශ්‍යයි.















